එක්සත් ජනරජ පෙරමුණේ නායක සහ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ මාධ්‍ය ඒකකය විසින් “විශ්ව පාසල” නම් නව දැනුම් මධ්‍යස්ථානයක් ආරම්භ කර ඇත.
මෙම විශිෂ්ට අධ්‍යාපනික ව්‍යාපෘතිය මගින් ගෝලීය දේශපාලනය, ආර්ථිකය, ඉතිහාසය සහ තාක්ෂණය යන විෂය ක්ෂේත්‍රවල අතීතය, වර්තමානය සහ අනාගතය පිළිබඳ ගැඹුරු විමර්ශනයක්, විවාදයක් සහ ඉගෙනීමක් සඳහා නව අවකාශයක් සපයනු ඇත.
“විශ්ව පාසල” හි ප්‍රථම සැසිය 2025 නොවැම්බර් 29 වන සෙනසුරාදා දින පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, එය සඳහා අවශ්‍ය සියලුම කටයුතු දැනටමත් සූදානම් කර ඇති බව මාධ්‍ය ඒකකය පවසයි.
දිනය – 2025.11.29 (සෙනසුරාදා)
වේලාව – පෙ.ව. 9.00 සිට ප.ව. 12.00 දක්වා
ස්ථානය – 4/120, තලකොටුව උද්‍යානය, නාරාහේන්පිට
මෙම වැඩසටහනේ අරමුණ වන්නේ, “විශ්ව දැනුම අතැඹුලක් ලෙස” ගෙන, විවෘත සංවාද තුළින් දැනුම හුවමාරු කර ගැනීමයි. ඒ අනුව, ගෝලීය සිදුවීම් පිළිබඳව විචාරශීලීව අවබෝධ කර ගැනීමට කැමති ඕනෑම අයෙකුට මෙම සැසි සඳහා සහභාගී වීමේ අවස්ථාව හිමි වේ.













