හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කාලයකට පසු යළිත් වතාවක් සමාජ මධ්‍ය හරහා යළි පෙනී සිටිමෙන්, රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳ විග්‍රහයක් ඉදිරිපත් කර තිබුණා.
ඒ අවස්ථාවේදී ඔහු ප්‍රකාශ කළේ, යළි ණය ගෙවීම් ආරම්භ කිරීමට නම් මේ වසර අවසන් වන විට ශ්‍රී ලංකාවේ විදේශ විනිමය අරමුදල් ඩොලර් බිලියන 8.5 ක පමණ තිබිය යුතු බවයි.
නමුත් මෙරටේ පවතින්නේ ජාත්‍යන්තර සංචිත 6.5ක ප්‍රමාණයක බවයි ඔහු ප්‍රකාශ කර සිටියේ.
2026 දළ නිල ජාත්‍යන්තර සංචිතය ඇමරිකානු ඩොලර් මිලියන 10.8ක් විය යුතු බවත් මෙම ප්‍රමාණයට සංචිත වර්ධනය කරොත් පමණක් 2027 අවුරුද්දේ දී ඇතිවෙන බාහිර සම්පත් පරතරය පියවීම සදහා ජාත්‍යන්තර වෙලදපොලේ ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක පමණ ණයක් ලබා ගැනිමට හැකි වන බවයි ඔහු පැවසුවේ.
ඒ සදහා වන සුදානම ගැන ප්‍රබුද්ධ සංවාදයක් ලංකාවේ පාර්ලිමේන්තුව තුළ ඇතිවිය යුතු බවයි ඔහු වැඩිදුරටත් සදහන් කර සිටියේ.
ඔහු අවසාන වශයෙන් පැවසුවේ මෙසේයි.
කවුරු ආණ්ඩු කරත් කවුරු රටේ ජනාධිපති උනත් එදිනෙදා පවත්වාගන යාමට ප්‍රමාණවත් ආදායමක් නොමැති උවහොත් දේශීය සහ විදේශීය හා විදේශිය ණය ගන්න වෙනවා. ණය නොගෙන කරන ආණ්ඩුවක් අනාගතයේ දි ඇති වේනනේ නැහැ.














