“Ceylon Heritage Festival 2025” උත්සවට සමගාමීව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති ජාතික ශිල්ප සභාව විසින් පවත්වාගෙන යනු ලබන “හස්ත කර්මාන්ත කෞතුකාගාරය” යළි පණගැන්වීමේ වැඩසටහනක් අපේ ගම පරිශ්‍රයේදී කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රධානත්වයෙන් ඊයේ දින (17) පැවැත්විණ.
මෙහිදී හස්ත කර්මාන්ත කෞතුකාගාරයට අමතරව අත්කම් නිර්මාණ මිලදී ගැනීම සඳහා අලෙවි කුටියක්, තොරතුරු දැන ගැනීම සඳහා තොරුතුරු මධ්‍යස්ථානයක් සමඟින් පුස්තකාලයක් ආරම්භ කිරීම විශේෂත්වයක්.
එමෙන්ම මෙම කෞතුකාගාරය නැරඹීම සඳහා මෙරට පාසල් ළමුන්ට නොමිලේ අවස්ථාව ලැබෙන අතර දේශීය සහ විදේශීය ජනතාව සඳහා නැරඹීමට අවස්ථාව ලැබෙනු ඇති.
වැඩසටහනට සහභාගී වු අමාත්‍යවරයා පවසා සිටියේ බංකොලොත් වූ සුළු පරිමාණ ව්‍යාපාර 200ක් නැවත ආරම්භ කිරීමට කර්මාන්ත අමාත්‍යාංශයෙන් ණය යෝජනා ක්‍රමයක් ගෙන එන බවටයි.














