කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන පරිදි දිවයින පුරා දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයත් පවතින්නැයි අපේක්ෂා කෙරේ
ඒ අනුව උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, අනෙක් ප්‍රදේශවල පස්වරු 1.00ට පසු මේ රටා දැකිය හැක.
එසේම බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලටත්, මන්නාරම, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටත් ඇතැම් ස්ථානවල මි.මී. 100ට වැඩි තද වැසි ලැබිය හැකි අතර, වෙනත් ප්‍රදේශවල සමහර ස්ථානවල මි.මී. 75 පමණ තද වැසි ඇති වීමේ හැකියාවද පවතී.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය කටයුත ු සදහා පියවර ගන්නා ලෙසත් දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.














