සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධයෙන් නව ඩිජිටල්කරණ පද්ධතියක් හඳුන්වා දීමට රජය තීරණය කර තිබෙන බව කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා ප්‍රකාශ කළා.
ඔහු මේ බව පවසා සිටියේ අද දින (25) පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයට එක්වෙමින්.
ඒ අනුව සමස්ථ රාජ්‍ය සේවයේම ඩිජිටල් ප්‍රවේශ වැඩසටහන යටතේ, මහජනතාවට කාර්යක්ෂම සේවාවක් සැපයීම අරමුණු කරගනිමින් මෙය සිදුකරන බව යි අමාත්‍යවරයා පැවසුවේ.
එමෙන්ම සේවක අර්ථසාධක අරමුදලේ ලියාපදිංචි සාමාජිකයෙකුට අන්තර්ජාල සේවාවන් හෝ ජංගම දුරකථන කෙටි පණිවුඩ මඟින් සේවක අර්ථසාධක අරමුදලේ ගිණුම්වල තොරතුරු ලබා ගත හැකි ක්‍රමවේදයක් දැනටමත් ක්‍රියාත්මක වන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.
මෙය 2000 වර්ෂයේ දී පමණ සංවර්ධනය ආරම්භ කර තිබෙන අතර අදට සරිලන ලෙස නවීකරණය වී නොමැති බවද අමාත්‍යවරයා පවසයි.
කෙසේ වෙතත් හඳුන්වාදෙන නව ඩිජිටල්කරණ පද්ධතිය මුලික කොටස් කිහිපයක් යටතේ ක්‍රියාත්මක කරන බව ද ඔහු දන්වා සිටියා.
සේවායෝජකයන්ට EPF / ETF ගෙවීම එක් යෙදුමක් මඟින් සිදුකිරීමට හැකි වීම.
* දැනට ශ්‍රී ලංකාවේ මහ බැංකුව හා කම්කරු දෙපාර්තමේන්තුවට වෙන වෙනම කළ යුතු යාවත්කාලීන කිරීම් තවදුරටත් අවශ්‍ය නොවන පරිදි දත්ත පද්ධති අතර අන්තර් සම්බන්ධීකරණයක් ඇති කීරීම.
* සේවකයන්ට තම රැකියාවට අදාළ තොරතුරු තම සාමාජික ගිණුම මඟින් දත්ත පද්ධතියට ඇතුළත් කිරීමට අවස්ථාව සැලසීම.
* EPF / ETF ශේෂයන් යාවත්කාලීව කිරීම.
* මාර්ගගත පරීක්ෂා කිරීම සහ සුවයන් උත්පාදන පණිවුඩ මඟින් දැනගැනීමට අවකාශයන් සැලසීම.
* පැමිණිලි කළමනාකරණය හා සම්බන්ධ කරමින් පරීක්ෂණ යෙදවුමක් ක්‍රියාත්මක කිරීම, යන ආදිය මෙම ඩිජිටල්කරණ පද්ධතිය තුළ සිදුකිරීමට නියමිතය.














