සමගි ජන බලවේග නායකයත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව කටයුතු කරන වැඩපිළිවලේ වගකීම භාරගෙන ඇති බව සජබ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පවසනවා.
ඔහු සඳහන් කළේ, ඉදිරියේදී එම සියලු කටයුතු සජිත් ප්‍රේමදාසගේ මූලිකත්වයෙන් සිදු වන අතර, සජබ සහ එජාප නායක මට්ටමේ සාකච්ඡාද පැවැත්වීමට නියමිත බවයි.
මෙම සාකච්ඡා අතරතුර, පළාත් සභා මැතිවරණය ඇතුළු ඉදිරි මැතිවරණ සඳහා දෙපක්ෂය ඒකාබද්ධව කටයුතු කිරීම පිළිබඳ අවධානයද යොමු ව තිබෙන බව මහ ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.














