වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී පෙන්වා දෙන්නේ, ප්‍රධාන ගංගා ජලමට්ටම් දැනට ඉතාමත් ඉහළ තත්වයක පවතින බැවින් හදිසි වර්ෂාවක් ඇති වූහොත් ගංවතුර තත්ත්වයක් පැන නැඟීමට ඉතාමත් ඉහළ අවදානමක් ඇති බවයි.
අදාල දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ, දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශය ආසන්නයේ වර්ධනය වෙමින් පවතින අඩුපීඩන කලාපය හේතුවෙන් දිවයිනේ පළාත් 6ක මි.මී. 200ට අධික වර්ෂාවක් ලැබීමට හැකි බවයි.
මෙම අවදානමට ලක්වන්නේ:
උතුරු පළාත
උතුරු මැද පළාත
නැගෙනහිර පළාත
දකුණු පළාත
ඌව පළාත
බස්නාහිර පළාත
ඒ අනුව අද (25) සිට නොවැම්බර් 30 වන ඉරිදා දක්වා කාලය තුළ, මේ පළාත් වල ගංවතුර තත්ත්වයක් ඇති වීමේ ඉහළ අවදානමක් පවතින බවත්, වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කරන ගංවතුර පූර්ව අනතුරු ඇඟවීම් විශේෂයෙන්ම පහත් නිම්නයන්හි පදිංචි ජනතාවද, එම ප්‍රදේශ ඔස්සේ ගමන් කරන අයද දැඩි අවධානයෙන් පසුවන බවත් දැනුම් දි තිබේ













