පවතින කාලගුණ තත්ත්වය නිසා බදුල්ල දිස්ත්‍රික්කය පුරා නාය යෑම් 07 ක් ඇතිව තිබෙනවා. .
මෙ හේතුවෙන් බදුල්ල ප්‍රදේශයේ පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක අබේවර්ධන නිල වශයෙන් තහවුරු කළා.
නාය යෑම් සිදුවී ඇත්තේ මඩොල්සිම, ගලඋඩ, සහ කහටරුප්ප ප්‍රදේශයන්හි අතර, මේ වන විටත් පුද්ගලයින් 07 ක් අතුරුදන් බව වාර්තා වෙනවා.
අතුරුදන් වූ අය සොයා ගැළවීම සඳහා සහන සේවා කණ්ඩායම් සහ පොලිස්-ත්‍රිවිධ හමුදාව එක්ව ක්‍රියාත්මක වන බව පවසන ලදි.
අවතැන් වූ පවුල් සඳහා සහන සහ ආධාර මෙහෙයුම් ද මේ සමගම දියත් කරමින් පවතින බවද සදහන්.














