පවතින ආපදා තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක් මේ වන විට ජලයෙන් යටව තිබෙනවා.
අම්පාර පහළතැන්න ප්‍රධාන මාර්ගය කෝසුව ප්‍රදේශයෙන් අඩි එකහමාරක් පමණ ජලයෙන් යටව පවතිනවා.
එහි බර වාහන පමණක් ගමන් ගන්නා බවයි වාර්තා වන්නේ.පත්තු – කන්ජන් කුඩා ප්‍රධාන මාර්ගය සහම කෝසුව අසලින් ජලයෙන් යටවුණා.
මේ වන විට එහි වාහන දාවනය සම්පූර්ණයෙන්ම නවතා තිබෙනවා.
අම්පාර – කරෙයිතිව් ප්‍රධාන මාර්ගය වලතපිඩ්ඩි යන ස්ථානයේ ජලයෙන් යටව පවතිනවා.
අම්පාර – ඉඟිණියා කළ ප්‍රධාන මාර්ගය කොණ්ඩු වෙඩ්ඩුවාන් කෝසුව අසලින් ජලයෙන් යටව ඇති බවයි වාර්තා වන්නේ.
කල්මුණේ – අම්පාර ප්‍රධාන මාර්ගය මාවඩිපිල්ලි කෝසුව අසලින් ජලයෙන් යටවුණා.
කිඩන්ගේ පාලමද ජලයෙන් යටව ඇති බවයි වාර්තා වන්නේ.මේ වන විට එම මාර්ගය වසා තමා තිබෙනවා.
නවිතන්වේලි – සමන්තුරේ ප්‍රධාන මාර්ගය වලුකාමඩු කෝසුව අසලින් ජලයෙන් යටව ඇතිබව වාර්තා වනවා.
එම මාර්ගයද වසා දමා තිබෙනවා.අදාළ මාර්ගය වෙනුවට විකල්ප මාර්ගද නොමැති බවයි වාර්තා වන්නේ.
සවලක්කඩයි – මන්තූර ප්‍රධාන මාර්ගය වෙප්පයඩි කෝසුව අසලින් ජලයෙන් යටව තිබෙනවා.
කෝන් ගස් පිටිය සුගලා දේවී වැවේ පිටවාන කෝසුව හා පුස්කිවුල කෝසුව ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල වුණා.
කැකිරාව – හදුන්ගම හරහා ගල්නෑව මාර්ගය ජලයෙන් යටවී ගමනාගමනයට බාධා සිදුව තිබෙනවා.
අවුකන හරහා කලා වැව මාර්ගයද ජලයෙන් යටවී ගමනාගමනයට බාධා එල්ල වනවා.
බුද්ධංගල වැලි ඇල සපත්තු පාලම හා වවුනියා පරාක්‍රමපුර මා ඔය සපත්තු පාලම හරහා ජලයෙන් යටට ඇති බව වාර්තා වනවා.
යමින් ආර සහ ගංගොඩ ආර දේශයෙන්ද ජලයෙන් යටව තිබෙනවා.
සෝමවතේ විහාරස්ථානයට ගමන් ගන්නා මාර්ගයේ කොටසක් ජලයෙන් යට වෙමින් පවතිනවා.තවදුරටත් එම ජල මට්ටම ඉහළයා හැකි බැවින් අද පස්වරුවේ සිට නැවත දැනුම් දෙනතුරු වාහන ගමනාගමනය තාවකාලිකව නතර කර තිබෙනවා.පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ගල් ඇල්ල සිට මනම්පිටිය දක්වා කොටසද නැවත දැනුම් දෙන තුරු වසා තමා ඇති බවයි වාර්තා වන්නේ.














