මහනුවර, කෑගල්ල, මාතලේ සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල නායයෑම් ගැන රතු අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති ප්‍රදේශ 40ක පදිංචිකරුවන් වහාම ආරක්ෂිත මධ්‍යස්ථාන වෙත ගමන් කරන ලෙස ආපදා කළමනාකරණ අංශය දන්වා තිබේ.
මෙම ප්‍රදේශවල වසන ජනතාව දෙසැම්බර් 19 වන දින දක්වා සුරක්ෂිත මධ්‍යස්ථානවල රැඳී සිටීම අත්‍යවශ්‍ය බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.














