සිංහල සිනමාවේ, වේදිකාවේ සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ නොමැකෙන සලකුණක් තැබූ ප්‍රවීණ රංගධර, කලාසූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
අසනීප තත්ත්වයක් හේතුවෙන් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දීයි මෙලෙස ඒ මහතා අභාවප්‍රාප්ත වී තිබෙන්නේ.
මියයන විට ඒ මහතා 84 වන වියේ පසුවිය.
ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් එදිරිසිංහ මහතාගේ සහෝදරයා වන සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා රංගනයෙන් මෙන්ම අධ්‍යක්ෂණයෙන් ද කලාකෙත පෝෂණය කිරීමට සමත්වූ අසහාය කලාකරුවෙකි.
1941 පෙබරවාරි 10 වනදා කැලණියේ උපත ලැබූ පැටිකිරිගේ සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතාගේ කලා දිවිය දශක පහකට අධික කාලයක් පුරා උරුමකන් කියයි.
1965 වසරේදී ශ්‍රියා කාරියප්පෙරුම සමග විවාහ වූ ඔහුට දරුවන් තිදෙනෙක් සිටිනවා.
ඔහුගේ අභාවය මෙරට කලා ක්ෂේත්‍රයට පිරවිය නොහැකි අඩුවක් වනු නොඅනුමානයි.















