හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයෙකු වන ජොහාන් ප්‍රනාන්දුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වයඹ පළාත් සභා මන්ත්‍රී ජොහාන් ප්‍රනාන්දු මහතා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) මඟින් අත්අඩංගුවට ගනු ලැබුවේ රජයේ දේපළ අවභාවිත කිරීමේ චෝදනා කිහිපයක් පදනම් කරගෙනය.
සතොස ආයතනය සතු ලොරි රථයක් ඇතුළු වාහන කිහිපයක් නිසි අවසරයකින් තොරව පෞද්ගලික පරිහරණය සඳහා යොදා ගැනීම සහ නීති විරෝධී වැටුප් හා දීමනා ලබා දීම් සිදු කර ඇති අතර සතොස ආයතනයේ සේවකයින් ලෙස පිරිසක් පෙනී සිටිමින්, එම ආයතනයෙන් වැටුප් ලබාගෙන තිබුණද, ඔවුන් සැබවින්ම සේවය කර ඇත්තේ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පෞද්ගලික කටයුතු වෙනුවෙන් බවට විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
එමෙන්ම අමාත්‍යවරයාගේ නිල කාලය තුළ සිය බලය උපයෝගී කරගනිමින් තම පවුලේ සාමාජිකයින්ට සහ හිතවතුන්ට රජයේ දේපළ පරිහරණයට ඉඩ සැලසීමද සිදුව තිබෙනවා.
කෙසේ වෙතත් සිදුකළ විමර්ශනවලින් අනාවරණය වීමෙන් පසු ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.














