කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි කාලගුණය පිළිබඳ විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින පහළ වායුගෝලීය කැලඹිලි ස්වභාවය තවදුරටත් වර්ධනය වීමේ හැකියාවක් පවතින බැවින් ඒ හේතුවෙන් ජනවාරි 8 වන බ්‍රහස්පතින්දා දින සිට දිවයිනේ විශේෂයෙන් උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ වර්ධනයක් බලාපොරොත්තු විය හැකි බවයි අදාළ නිවේදනයේ සදහන් වන්නේ.
එම නිවේදනය අද (05) සවස 3.30ට නිකුත් කර ඇති අතර, අදාළ නිවේදනය පිළිබඳ සැලකිලිමත් වෙන ලෙස ජනතාවට දැනුම් දී තිබෙනවා.
ඌව පළාතෙත් නුවරඑළිය, මාතලේ, පොළොන්නරුව, මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.
මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත්, හම්බන්තොට, ගම්පහ, කොළඹ සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 50 දක්වා තද සුළං ඇති විය හැකි බවත් එම නිවේදනවල සදහන්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.














