2025 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරක සංඛ්‍යාව මිලියන 2.36ක් දක්වා ඉහළ යමින් මෙරට ඉතිහාසයේ වැඩිම සංචාරක පැමිණීම වාර්තා කර ඇතත්, සමස්ත ආදායම පහළ ගොස් ඇති බව සංචාරක අමාත්‍යාංශය පවසයි.
2018 වසරේදී මිලියන 2.33ක සංචාරක පැමිණීමක් හරහා ඩොලර් බිලියන 4.3ක ආදායමක් ලැබුණද, 2025 වසරේදී එම ආදායම ඩොලර් බිලියන 3.2 දක්වා අඩු වී තිබේ. සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා පෙන්වා දෙන්නේ සංචාරකයෙකුගේ දෛනික සාමාන්‍ය වියදම ඩොලර් 181 සිට ඩොලර් 148 දක්වා පහළ වැටී ඇති බවයි.
2018 දී රු. 180ක් වූ ඩොලරය රු. 300 දක්වා ඉහළ යාම නිසා සංචාරකයන්ට අඩු ඩොලර් ප්‍රමාණයකින් වැඩි භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් මිලදී ගැනීමට හැකි වීම තුළින් මෙම ආදායම අඩුවීමට හේතු වි තිබේ.
මාලදිවයින වැනි රටවල ද සංචාරක වියදම් සැලකිය යුතු ලෙස පහළ බැස තිබීම මෙන්ම දේශීය ගුවන් ගමන් වැනි පහසුකම් අවම වීම නිසා ඉහළ වියදම් දරන සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමට බාධා මතු වීමත් ඊට හේතු වි ඇති තිබේ. .
කෙසේ වෙතත් ඉන්දියාව, තායිලන්තය වැනි රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ සංචාරක වියදම් මට්ටම තවමත් යහපත් බව රජය පවසයි. ඉදිරියේදී ඉහළ පෙළේ සංචාරක ව්‍යාපෘති මෙන්ම පොදු ප්‍රවාහනය භාවිත කරන ‘අඩු වියදම් සංචාරකයන්’ ද දිරිමත් කරමින් සංචාරක කර්මාන්තයේ වාසිය ගම්බද ජනතාව වෙත රැගෙන යාම රජයේ අරමුණයි.














