රජය විසින් ක්‍රියාත්මක කර ඇති ‘ප්‍රජා ශක්ති’ වැඩසටහන සම්බන්ධයෙන් ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය සිය දැඩි විරෝධය පළ කර තිබේ. එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා පෙන්වා දෙන්නේ මෙම වැඩසටහන එක්තරා දේශපාලන පක්ෂයක් මූලික කරගත් ක්‍රමවේදයක් බවත්, එය පවත්නා රාජ්‍ය යාන්ත්‍රණයට සමාන්තරව ක්‍රියාත්මක කිරීම වැරදි පූර්වාදර්ශයක් බවත්ය.
ජනතා ඡන්දයෙන් තේරී පත් වූ පළාත් පාලන නියෝජිතයන් සතු සංවර්ධන වගකීම් මෙම වැඩසටහන හරහා අත්පත් කර ගැනීම තුළින් එම ආයතනවල ස්වාධීනත්වයට බාධා එල්ල වන බව හිටපු මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය. මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ද පටහැනි ක්‍රියාවක් බැවින්, ‘ප්‍රජා ශක්ති’ වැඩසටහනට එරෙහිව ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ද ඔහු අවධාරණය කර සිටියි.














