උතුරු පළාතේ සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඓතිහාසික නාගදීප රජමහා විහාරය වැඳපුදා ගනිමින් ආගමික ආශීර්වාද ලබාගෙන තිබේ.
එහිදී විහාරාධිකාරී අතිපූජ්‍ය නවදගල පදුමකිත්ති තිස්ස නාහිමියන් බැහැදුටු ජනාධිපතිවරයා උන්වහන්සේ සමඟ සුහද සාකච්ඡාවක ද නිරත විය.
මෙම හමුවේදී මෑතකාලීනව දැඩි කතාබහකට ලක්වූ යාපනයේ පිහිටි තෛයිට්ටි තිස්ස විහාරය සම්බන්ධයෙන් ද අවධානය යොමු විය. විශේෂයෙන්ම, අදාළ විහාරය පෞද්ගලික ඉඩමක ඉදිකර ඇති බවට පදුමකිත්ති තිස්ස නාහිමියන් විසින් මෑතකදී කළ ප්‍රකාශය කෙරෙහි මෙහිදී වැඩි අවධානයක් යොමුව තිබේ.
මෙම සංචාරය උතුරු පළාතේ ආගමික සහජීවනය සහ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමේ අරමුණින් ජනාධිපතිවරයා විසින් සිදුකරනු ලබන්නකි.














