දෙහිවල හෝටල් හිමිකරුගේ ඝාතනය සම්බන්ධයෙන් සුවිශේෂී තොරතුරක් ලැබී තිබෙනවා.
පසුගිය ජනවාරි 9 වැනිදා දෙහිවල හෝටලයක් තුළදී සිදු වූ එම අමානුෂික වෙඩි තැබීම මෙහෙයවූ ‘වෙඩික්කරු’ කවුද යන්න තවමත් අභිරහසක්.
නමුත් දැන්, ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය අපරාධකරු කොටු කරගැනීම සඳහා නවීනතම AI (කෘතිම බුද්ධිය) තාක්ෂණයේ සහය ලබාගෙන තිබෙනවා.
පොලීසිය පියවර ගෙන තිබෙන්නේ සාක්ෂිකරුවන් ලබා දුන් තොරතුරු සහ විස්තර අනුව, සැකකරුගේ රුව කෘතිම බුද්ධිය ඔස්සේ ප්‍රතිනිර්මාණය කර මහජනයා වෙත මුදා හැරීමටයි
ඡායාරූපයේ දැක්වෙන පුද්ගලයා සම්බන්ධයෙන් කිසියම් හෝ තොරතුරක් ඔබ සතුව තිබේ නම්, වහාම ක්‍රියාත්මක වී පහත අංකයට දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
තොරතුරු දැනුම් දිය යුතු අංකය
📞 071-8596408
(ස්ථානාධිපති – ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය)














