යොවුන් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සහ අයර්ලන්ත තරගය අද පැවැත්වෙනවා.
ඒ මෙරට වේලාවෙන් පස්වරු 1.00ට නැමීබියාවේ වින්ඩ්හෝක් ක්‍රීඩාංගනයේදී.
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය විමත් දිනසරට හිමිව තිබෙනවා.
අයර්ලන්ත පිළ මෙහෙයවන්නේ, ඔලිවර් රිලේ.
ඒ කාණ්ඩය යටතේ තරග කරන ශ්‍රී ලංකා කණ්ඩායම පසුගියදා ජපානයට එරෙහිව පැවැති තරගය ලකුණු 203කින් ජයගත්තා.
එහිදී තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 04ක් දැවි රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 387ක්.
ඊට පිළිතුරු ලෙස ක්‍රීඩා කළ ජපාන කණ්ඩායමට නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 08ක් දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 184ක් පමණයි.
ශ්‍රී ලංකාව අද පැවැත්වෙන තරඟය ජයග්‍රහණය කිරීම ‘Super Six’ වටයට සුදුසුකම් ලැබීමට ඉතාමත් වැදගත් වනු ඇති බව විචාරකයන් පෙන්වා දෙනවා.














