දිවයින පුරා විවිධ ව්‍යාපාරික ස්ථානවලට ගොස් එහි සේවකයින් සූක්ෂම අයුරින් රවටමින් මුදල් ලබා ගත් 42 හැවිරිදි සැකකරුවෙකු අද (19) උදෑසන කොට්ටාව නගරයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම පුද්ගලයාගේ වංචනික ක්‍රියාවන් සම්බන්ධයෙන් රත්මලාන, ගල්කිස්ස, මහරගම සහ තිස්සමහාරාම ඇතුළු දිවයිනේ පොලිස් ස්ථාන රැසකට මීට පෙර පැමිණිලි ලැබී තිබූ බව පොලීසිය සඳහන් කරයි.
සැකකරු විවිධ ව්‍යාපාරික ස්ථානවල මුදල් අයකැමිවරුන් රවටා ලබාගන්නා මුදල් මත්ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා වියදම් කර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් කොට්ටාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන අතර, සැකකරු අද (19) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.














