• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විදුලියට පිරිවැය ගැළපුම් ගාස්තු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව කැපවෙයි: IMF දූත පිරිසක් 22දා දිවයිනට

19 January 2026
in දේශීය, පුවත්
විදුලියට පිරිවැය ගැළපුම් ගාස්තු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව කැපවෙයි: IMF දූත පිරිසක් 22දා දිවයිනට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
විදුලි ඒකකයක් නිපදවීමට යන පිරිවැයට සරිලන පරිදි විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ ක්‍රමවේදයක් (Cost-Reflective Pricing) අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව කැපවී සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සන්නිවේදන අංශයේ ප්‍රධානි ජුලී කොසැක් මහත්මිය ප්‍රකාශ කළාය. මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රධාන කැපවීමක් බවත්, මූල්‍ය තිරසරභාවය සහතික කරමින් ලංකා විදුලිබල මණ්ඩලය පාඩු නොලබන තත්ත්වයක පවත්වාගෙන යාමට මෙය අත්‍යවශ්‍ය බවත් ඇය අවධාරණය කළාය.
මේ අතර, “දිට්වා” සුළි කුණාටුවෙන් මෙරටට සිදුවූ හානිය පිළිබඳව සොයා බලා ශ්‍රී ලංකාවට ඉදිරියට යාම සඳහා අවශ්‍ය සහාය තීරණය කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ දූත පිරිසක් එළැඹෙන 22 වැනිදා මෙරටට පැමිණීමට නියමිතය. මෙම මස 28 වැනිදා දක්වා මෙරට රැඳී සිටින එම දූත පිරිසට IMF ආසියා සහ ශාන්තිකර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් සහ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ ඇතුළු නිලධාරීන් පිරිසක් ඇතුළත් වේ.
සිදුව ඇති හානිය පිළිබඳ පැහැදිලි චිත්‍රයක් ලබාගැනීම සඳහා පැමිණෙන මෙම කණ්ඩායම, ආපදා තත්ත්වය හේතුවෙන් අරමුදල් වැඩසටහනේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට එල්ල වී ඇති බාධා පිළිබඳව රජය සමඟ සාකච්ඡා කිරීමට නියමිතය. දිට්වා සුළි කුණාටුවෙන් පීඩා විඳි ශ්‍රී ලංකාවට හදිසි මූල්‍ය පීඩනය අවම කර ගැනීම සඳහා “කඩිනම් මූල්‍යකරණ මෙවලම” යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 206ක ණය මුදලක් ලබාදීමට විධායක කමිටුව පසුගිය දෙසැම්බර් 19 වැනිදා අනුමැතිය ලබාදුන් බව ද කොසැක් මහත්මිය සිහිපත් කළාය.
ආපදා තත්ත්වය හේතුවෙන් මෙරට සම්බන්ධයෙන් සිදුකළ පස්වැනි සමාලෝචනය අවසන් කිරීම තාවකාලිකව කල් දැමීමට අරමුදල තීරණය කළ අතර, නව රජය ද ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සිය කැපවීම පළ කර ඇති බව ද වාර්තා වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය න්‍යාය පත්‍රය තුළ සිට හැකි සෑම අයුරින්ම මෙරට සාර්ව ආර්ථික ස්ථාවරත්වය පවත්වාගෙන යාමට සහාය වීමට සූදානම් බව ජුලී කොසැක් මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.
Post Views: 7
Previous Post

කොරියානු රැකියා වීසා සිද්ධියට, අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට මනුෂ ගොනුකළ පෙත්සම ඉල්ලා අස්කරගනී

Next Post

පළමු පෙළ කඩුළු 1,000ක් දවාගත් සිව්වැනි ලාංකිකයා මලින්ද පුෂ්පකුමාර

Editor TTV News

Editor TTV News

Next Post
පළමු පෙළ කඩුළු 1,000ක් දවාගත් සිව්වැනි ලාංකිකයා මලින්ද පුෂ්පකුමාර

පළමු පෙළ කඩුළු 1,000ක් දවාගත් සිව්වැනි ලාංකිකයා මලින්ද පුෂ්පකුමාර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ainsbury’s සමාගමෙන් ද  අනතුරු ඇඟවීමක්

ainsbury’s සමාගමෙන් ද අනතුරු ඇඟවීමක්

23 April 2026
ඉරාන යුද වාතාවරණය  හමුවේ යුරෝපීය සැපයුම් අංශයේ  ලාභාංශ ඉහළට

ඉරාන යුද වාතාවරණය හමුවේ යුරෝපීය සැපයුම් අංශයේ ලාභාංශ ඉහළට

23 April 2026
Mbappe සහ Vinicius  ගෝල රැස්කරමින් Real Madrid කණ්ඩායමට  ජයග්‍රහණය ගෙන එයි

Mbappe සහ Vinicius ගෝල රැස්කරමින් Real Madrid කණ්ඩායමට ජයග්‍රහණය ගෙන එයි

23 April 2026
බලශක්ති අර්බුදයන්ගේ  යුගයට  ලෝකය පිවිසෙයි

බලශක්ති අර්බුදයන්ගේ යුගයට ලෝකය පිවිසෙයි

23 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ainsbury’s සමාගමෙන් ද  අනතුරු ඇඟවීමක්

ainsbury’s සමාගමෙන් ද අනතුරු ඇඟවීමක්

23 April 2026
ඉරාන යුද වාතාවරණය  හමුවේ යුරෝපීය සැපයුම් අංශයේ  ලාභාංශ ඉහළට

ඉරාන යුද වාතාවරණය හමුවේ යුරෝපීය සැපයුම් අංශයේ ලාභාංශ ඉහළට

23 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved