අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කළ කාලය තුළ සිය නිත්‍යානුකූල ආදායම ඉක්මවා දේපළ අත්පත් කර ගත් බවට චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහි නඩුව අද (19) කොළඹ මහාධිකරණය හමුවේ යළි කැඳවනු ලැබීය.
කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ මෙම නඩු විභාගය පැවැත්විණි. එහිදී අල්ලස් කොමිසම විසින් පැමිණිල්ලේ සාක්ෂිකරුවන් ලෙස නම් කර සිටි බැංකු හා මූල්‍ය සමාගම්වල නිලධාරීන් සිව්දෙනෙකුගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදු විය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය එළඹෙන මාර්තු මස 16 වනදා දක්වා කල් තැබීමට නියෝග කළේය.
2010 වසරේ සිට 2012 වසර දක්වා වූ කාලසීමාව තුළ සිය නිත්‍යානුකූල ආදායම ඉක්මවා රුපියල් මිලියන 150කට අධික වත්කම් අයථා ලෙස අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් මොහුට එරෙහිව මෙම නඩුව පවරා ඇත. වගඋත්තරකාර මර්වින් සිල්වා මහතා මෙලෙස කටයුතු කිරීම දූෂණ විරෝධී පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බව අල්ලස් කොමිසම සිය අධිචෝදනා පත්‍රය මගින් පෙන්වා දී තිබේ.














