ලබන පෙබරවාරි 07 වැනිදා ආරම්භ වන පිරිමි විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා ඉන්දියාවට පැමිණෙන්නේද යන්න හෙට (21) දිනට පෙර ස්ථිර කරන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) බංග්ලාදේශයට දැනුම් දී තිබේ. බංග්ලාදේශය මෙම තරගාවලියෙන් ඉවත් වුවහොත් එම ස්ථානය සඳහා ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන් සිටින ස්කොට්ලන්ත කණ්ඩායම ආදේශ කිරීමට ඇති ඉඩකඩ පිළිබඳව ද ජාත්‍යන්තර වාර්තා පෙන්වා දෙයි. දෙරට අතර පවතින දේශපාලන නොසන්සුන්තාව හේතුවෙන් සිය ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව පිළිබඳ ගැටලු පවතින බව පවසමින් බංග්ලාදේශය සිය තරග ඉන්දියාවෙන් බැහැරව ශ්‍රී ලංකාවේ පවත්වන ලෙස ඉල්ලීමක් කර තිබුණද, පවතින ආරක්ෂක තත්ත්වය පිළිබඳ ස්වාධීන වාර්තා සලකා බලමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත.
බංග්ලාදේශය නියෝජනය කරන වේග පන්දු යවන ක්‍රීඩක මුස්තාෆිසුර් රහ්මාන්ගේ අයි.පී.එල් (IPL) ගිවිසුම අවලංගු වීමත් සමඟ දෙරට අතර ක්‍රිකට් සබඳතා තවදුරටත් දැඩි වී ඇති අතර, මෙම තීරණාත්මක මොහොතේ බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය හෙට දිනයේදී ගන්නා තීරණය මත ඔවුන්ගේ ලෝක කුසලාන සහභාගීත්වය තීරණය වනු ඇත. ස්වාධීන ආරක්ෂක විශේෂඥයින් පෙන්වා දෙන්නේ බංග්ලාදේශ කණ්ඩායමට ඉන්දියාව තුළ පවතින අවදානම ඉතා අවම මට්ටමක පවතින බවයි. කෙසේ වෙතත් බංග්ලාදේශය මෙම තරගාවලිය වර්ජනය කළහොත් එය එරට ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතයට දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බවට එරට ප්‍රවීණ ක්‍රීඩකයින් ද අනතුරු අඟවා තිබේ.














