සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය අද (21) නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී. තරග තුනකින් සමන්විත මෙම එක්දින තරගාවලිය ජනවාරි 22, 24 සහ 27 යන දිනවලදී කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නම් කරන ලද මෙම සංචිතයේ නායකත්වය සුපුරුදු පරිදි චරිත් අසලංක වෙත හිමිව ඇත.
නම් කරන ලද 17 දෙනෙකුගෙන් යුත් සංචිතයට පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස් සහ සදීර සමරවික්‍රම වැනි ප්‍රබල ක්‍රීඩකයින් ඇතුළත් කර ඇති අතර, කමිල් මිෂාර සහ පවන් රත්නායක වැනි දක්ෂතා දක්වන ක්‍රීඩකයින්ට ද අවස්ථාව හිමිව තිබේ. පන්දු යැවීමේ අංශය ශක්තිමත් කිරීම සඳහා වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ සහ ජෙෆ්රි වැන්ඩසේ ඇතුළු දඟ පන්දු යවන්නන් රැසක් නම් කර ඇති අතර වේග පන්දු යවන්නන් ලෙස අසිත ප්‍රනාන්දු, ප්‍රමෝද් මධුෂාන්, මිලාන් රත්නායක සහ එෂාන් මාලිංග කණ්ඩායමට එක් කර ඇත.
ශ්‍රී ලංකා සංචිතය: චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, කමිල් මිෂාර, කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, පවන් රත්නායක, ධනංජය ද සිල්වා, ජනිත් ලියනගේ, කමිඳු මෙන්ඩිස්, දුනිත් වෙල්ලාලගේ, වනිඳු හසරංග, ජෙෆ්රි වැන්ඩසේ, මහීෂ් තීක්ෂණ, මිලාන් රත්නායක, අසිත ප්‍රනාන්දු, ප්‍රමෝද් මධුෂාන් සහ එෂාන් මාලිංග.














