ATM යන්ත්‍රවලින් මුදල් ලබාගැනීමට පැමිණෙන වයෝවෘද්ධ පුද්ගලයන්ට උදව් කරන මුවාවෙන් ඔවුන්ගේ බැංකු කාඩ්පත් සූක්ෂම ලෙස මාරු කර මුදල් වංචා කළ 39 හැවිරිදි හිටපු හමුදා සෙබළෙකු දකුණු කළුතර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු යුද හමුදාවෙන් පළා ගොස් සිටින අයෙකු බව වාර්තා වේ.
සැකකරු විසින් ATM යන්ත්‍ර අසල රැඳී සිටිමින් මුදල් ගැනීමට අපහසු වැඩිහිටියන්ගේ කාඩ්පත අතට ගෙන එහි මුරපදය අසා දැනගන්නා අතර, පසුව තමන් සතුව ඇති වෙනත් කාඩ්පතක් රහසිගතව මාරු කර ලබා දී ඇත.
යන්ත්‍රයේ දෝෂයක් ඇති බව පවසා වැඩිහිටියන් පිටත් කර හැරීමෙන් පසු සොරකම් කරන ලද කාඩ්පත සහ මුරපදය භාවිත කර ඔහු මුදල් ලබාගෙන තිබේ.
දකුණු කළුතර, වාද්දුව සහ බණ්ඩාරගම යන පොලිස් ස්ථාන වෙත ලැබුණු පැමිණිලි මත ආරක්ෂිත කැමරා දර්ශන නිරීක්ෂණය කරමින් සිදු කළ විමර්ශනයකදී සැකකරු කැබිතිගොල්ලෑව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැණුනි.
ඔහුව කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගැනීමට පොලිසිය නියමිතය.












