ජපාන අග්‍රාමාත්‍ය සනයි තකයිචි (Sanae Takaichi) මහත්මිය විසින් හදිසි මහ මැතිවරණයක් කැඳවීම සඳහා එරට පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය අද (23) විසුරුවා හැරීමට පියවර ගෙන තිබේ
ඒ අනුව, ජපාන මහ මැතිවරණය එළැඹෙන පෙබරවාරි 08 වැනිදා පැවැත්වීමට නියමිත බව නිල වශයෙන් නිවේදනය කර ඇත.
ජපාන ඉතිහාසයේ ප්‍රථම කාන්තා අග්‍රාමාත්‍යවරිය ලෙස පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී ධූරයට පත් ඇය, පත්වී මාස තුනක් වැනි කෙටි කාලයක් තුළ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සුවිශේෂී සිදුවීමකි.











