ගාල්ල ධීවර වරාය වඩාත් ආකර්ෂණීය සහ සෞඛ්‍යාරක්ෂිත ස්ථානයක් බවට පත් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන “ක්ලීන් ශ්‍රී ලංකා” ශ්‍රම මෙහෙයුම පසුගිය 24 වැනිදා පෙරවරුවේ ආරම්භ කෙරිණි.
දිගු කලක් තිස්සේ වරාය පරිශ්‍රය තුළ එක්රැස්ව තිබූ ටොන් 200කට අධික දැවැන්ත කසළ කන්දක් ඉවත් කර, විධිමත් සෞඛ්‍යාරක්ෂිත පරිසර පද්ධතියක් ගොඩනැගීමට මෙහිදී පියවර ගෙන තිබේ. මෙම අපද්‍රව්‍ය හේතුවෙන් මීට පෙර මහජන සෞඛ්‍යයට සහ වරාය පරිශ්‍රයේ සුන්දරත්වයට දැඩි බලපෑමක් එල්ල වී තිබූ බව බලධාරීහු පෙන්වා දෙති.
මෙම අවස්ථාවට එක් වූ ධීවර ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා සඳහන් කළේ, ගාල්ල ධීවර වරායේ සංවර්ධන කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 1200ක මුදලක් මෙම වසරේදී වෙන් කර ඇති බවයි.
වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ සහ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ සාමාජිකයන් විශාල පිරිසක් මෙම පිරිසිදු කිරීමේ මෙහෙයුමට දායක වූහ.














