වසර 7ක කාලයක් පාසල්වල ඉගැන්වීම් කටයුතුවල නිරත වූ තමන්ව ගුරු සේවයේ ස්ථීර කරන ලෙස බලකරමින් ගුරු සංවර්ධන නිලධාරීන් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබේ.
මීට පෙර මෙම පත්වීම් ස්ථීර කරන ලෙස ඉල්ලූ වෘත්තීය සමිති නායකයින් වත්මන් ආණ්ඩුවේ තනතුරු ලබාගැනීමෙන් පසු තම ඉල්ලීම්වලට විරුද්ධව කටයුතු කරන බවට උපවාසකරුවන් මෙහිදී බරපතළ ලෙස චෝදනා කරයි.
තම වෘත්තීය අයිතිවාසිකම් දිනාගැනීම වෙනුවෙන් දිවි පරදුවට තබා මෙම සටන ආරම්භ කළ බවත්, සාධාරණ විසඳුමක් ලැබෙන තෙක් එය අත් නොහරින බවත් ඔවුහු අවධාරණය කරති.
මේ අතර, අධ්‍යාපන ක්ෂේත්‍රයේ විවිධ වෙනස්කම් ඉල්ලා දිවයිනේ සෙසු ප්‍රදේශවල ද විරෝධතා සහ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වේ.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ උපදේශක ජාතික ව්‍යාපාරය මඟින් සංවිධානය කරන ලද විශේෂ කථිකාවක් නුවරඑළිය ගාමිණී ජාතික පාසලේදී පැවැත්වුණු අතර, රටට සුදුසු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබාදෙන ලෙස ඉල්ලා උඩුනුවර කතරගම දේවාලයේදී දේව කන්නලව්වක් ද පවත්වා තිබේ.
අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ පවතින මෙම නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ බලධාරීන්ගේ අවධානය කඩිනමින් යොමු විය යුතු බව විවිධ පාර්ශ්ව පෙන්වා දෙති.














