නිදහස් සෞඛ්‍ය සේවාවේ පවතින ගැටලු සහ වෛද්‍යවරුන්ගේ ඉල්ලීම්වලට සෞඛ්‍ය අමාත්‍යවරයා ලබාදුන් පොරොන්දු ඉටු නොකිරීමට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) ඊයේ (26) පෙරවරුවේ සිට ආරම්භ කළ විශේෂ වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් දිවයින පුරා රෝහල්වල ප්‍රතිකාර කටයුතු අඩාල වී තිබේ.
රෝහල්වලින් බැහැරව ඖෂධ ලබා ගැනීමට නිර්දේශ නොකිරීම සහ දේශපාලන මැදිහත්වීම් සහිත සායන වර්ජනය කිරීම ඇතුළු සේවා පහකින් වෛද්‍යවරුන් ඉවත්ව සිටින බව එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා ප්‍රකාශ කළේය.
විශේෂඥ වෛද්‍යවරුන්ට පමණක් සීමා වූ සේවා ව්‍යවස්ථාවක් වෙනුවට සමස්ත වෛද්‍යවරුන්ම ඇතුළත් වන පරිදි ‘ශ්‍රී ලංකා වෛද්‍ය සේවාවක්’ ස්ථාපිත කරන ලෙස ඔවුන් මෙහිදී රජයෙන් බලකර සිටියි
මෙම ඉල්ලීම් සම්බන්ධයෙන් අද (27) දිනය තුළ බලධාරීන් සාධනීය ප්‍රතිචාරයක් නොදක්වන්නේ නම්, හෙට (28) සිට දිවයින පුරා රෝහල් පද්ධතිය අඩාල කරමින් අඛණ්ඩ වැඩ වර්ජනයකට එළඹෙන බවට GMOA සංගමය අනතුරු අඟවයි.
වෛද්‍යවරුන්ගේ මෙම ක්‍රියාමාර්ගය හේතුවෙන් සායනික කටයුතු සඳහා පැමිණි රෝගී ජනතාව මේ වන විටත් දැඩි අසීරුතාවට පත්ව ඇති අතර, හෙට ක්‍රියාත්මක වීමට නියමිත වර්ජනය හරහා රෝහල් සේවා තවදුරටත් අකර්මන්‍ය වීමේ අවදානමක් පවතී.














