නිධානයකින් ලබාගත් පුරාවස්තු ලෙස සැක කෙරෙන, කළු ගලින් නිමවා කැටයම් කළ විවිධ හැඩයේ මංජුසා තුනක් රුපියල් කෝටි 15ක මුදලකට විකිණීමට උත්සාහ කළ සැකකරුවන් දෙදෙනෙකු ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මොරටුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයකදී මෙම ජාවාරම සිදු කිරීමට සූදානම්ව සිටියදී පොලිස් උපායදූතයෙකු යොදවා කළ වැටලීමකදී මෙම පුරාවස්තු අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත.
පොලිසිය පවසන පරිදි, මෙම මංජුසා තුළ ඉපැරණි වටිනාකමකින් යුත් තෙල් වැනි ද්‍රාවණයක් අඩංගු වන අතර ඒවා විවිධ වෙදකම් සඳහා භාවිත කරන බවට ජාවාරම්කරුවන් ප්‍රකාශ කර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මොරටුව සහ අවට පදිංචිකරුවන් වන අතර, මෙම පුරාවස්තු කිනම් ප්‍රදේශයක නිධානයකින් ලබාගත්තේ ද යන්න සහ එහි සැබෑ පුරාවිද්‍යාත්මක වටිනාකම තහවුරු කර ගැනීමට පොලිසිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහාය ලබා ගැනීමට නියමිතය.
රජය සතු මෙවැනි වටිනා වස්තූන් ජාවාරම් කිරීම සහ නිධන් හැරීම සම්බන්ධයෙන් දැඩි විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.













