ගිනිගත්හේන නගරය හරහා ඊයේ (26) රාත්‍රියේ ධාවනය වූ වාහන 65ක් පරීක්ෂාවට ලක් කළ මෝටර් රථ පරීක්ෂකවරුන් සහ පොලිස් නිලධාරීන්, ඉන් වාහන 12ක ධාවනය දින 14කට තාවකාලිකව තහනම් කිරීමට පියවර ගෙන තිබේ.
නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරීක්ෂක ජාලිය බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ මෙම මෙහෙයුමේදී, අන්තරාදායක ලෙස අමතර කොටස් සවි කිරීම, මුල් ආකෘතිය වෙනස් කිරීම සහ තිරිංග පද්ධතිවල පවතින දෝෂ හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.
ධාවනය තහනම් කළ වාහන අතර පෞද්ගලික බස් රථ 4ක්, ලොරි රථ 6ක් සහ ඉන්ධන ප්‍රවාහන බවුසරයක් ද වන බව ගිනිගත්හේන පොලිසිය සඳහන් කරයි.
එම වාහනවල ආදායම් බලපත්‍ර බලධාරීන් භාරයට ගෙන ඇති අතර, අදාළ අඩුපාඩු සපුරා නැවත පරීක්ෂාවකට යොමු කරන තෙක් ඒවා ධාවනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් වේ.
මෑතකදී සිදුවූ මාරක රිය අනතුරු ඉහළ යාමත් සමඟ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ පොලිසිය එක්ව මෙවැනි ක්ෂණික පරීක්ෂාවන් දිවයින පුරා දැඩි කර තිබේ.














