බුලත්කොහුපිටිය, පන්නල ප්‍රදේශයේදී ඊයේ (27) රාත්‍රී සිදුවූ යතුරුපැදි අනතුරකින් පදික කාන්තාවක ජීවිතක්ෂයට පත්ව ඇති බව රුවන්වැල්ල පොලිසිය වාර්තා කරයි.
මියගොස් ඇත්තේ 54 හැවිරිදි වියේ පසුවූ වේලු වසන්ති කුමාරි නැමැති එම ප්‍රදේශයේම පදිංචිකාරියකි. ඇය සිය කුඩා මිනිබිරිය ද සමඟ මාර්ගයේ ගමන් කරමින් සිටියදී වේගයෙන් පැමිණි යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් බරපතල තුවාල ලැබූ කාන්තාව වහාම කරවනැල්ල රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත්තද, ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මියගොස් තිබේ. මෙම අනතුර සිදුවන අවස්ථාවේ මියගිය කාන්තාව සමඟ සිටි කුඩා දියණියට කිසිදු අනතුරක් සිදුව නොමැති බව පොලිසිය තහවුරු කරයි.
අනතුර සම්බන්ධයෙන් යතුරුපැදිකරු අත්අඩංගුවට ගෙන ඇති අතර රුවන්වැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.














