ගුවන් තොටුපළ සහ ගුවන් සේවා ශ්‍රී ලංකා (පෞද්ගලික) සමාගමේ සභාපති ධුරයෙන් එයාර් චීෆ් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා අද (28) ඉල්ලා අස්වී තිබේ. 2024 ඔක්තෝබර් මාසයේදී මෙම තනතුරට පත් වූ ඒ මහතාගේ ඉල්ලා අස්වීම, එම ආයතනය තුළ ඉදිරියේදී සිදුවීමට නියමිත ව්‍යුහාත්මක වෙනස්කම් කිහිපයක් හේතුවෙන් සිදුව ඇති බව වරාය සහ ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.
හර්ෂ අබේවික්‍රම මහතාගේ ඉල්ලා අස්වීමත් සමඟ පුරප්පාඩු වූ සභාපති ධුරයේ වැඩ බැලීම සඳහා වරාය සහ ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.ඩබ්ලිව්.එස්. මංගල මහතා පත් කර ඇත. මෙම ඉල්ලා අස්වීම රජය විසින් ගුවන් සේවා ක්ෂේත්‍රයේ සිදු කිරීමට නියමිත නව ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක කොටසක් බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.














