අම්බලන්ගොඩ, සුනාමි වත්ත ප්‍රදේශයේදී ඊයේ (27) රාත්‍රී සිදුවූ වෙඩි තැබීමකින් 28 හැවිරිදි තරුණයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය අනියම් ප්‍රේම සබඳතාවක් මත ඇති වූ ආරවුලක් බව පොලිස් විමර්ශනවලදී හෙළි වී තිබේ.
නිවසක පැවැති සාදයක් අතරතුර මිලිමීටර් 9 වර්ගයේ ගිනිඅවියකින් එල්ල කළ ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ මෙම තරුණයා බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. මියගිය තරුණයා ‘සමන් කොල්ලා’ නැමැති අපරාධ කල්ලි සාමාජිකයාගේ හිතවතෙකු බව වාර්තා වේ.
පොලිස් විමර්ශනවලට අනුව, දැනට බන්ධනාගාරගතව සිටින ‘කරන්දෙණිය සුද්දා’ගේ කල්ලියේ වෙඩික්කරුවෙකු වන ලලන්ත ප්‍රීතිරාජ් හෙවත් ‘ලලා’ නැමැත්තාගේ බිරිඳ සමඟ මියගිය තරුණයා පවත්වා ඇති සමීප සබඳතාවක් මෙම ඝාතනයට මුල් වී ඇත.
තම බිරිඳ සමඟ පැවති මෙම ඇසුරට උරණ වූ ‘ලලා’ බන්ධනාගාරයේ සිටම මෙම වෙඩි තැබීම සැලසුම් කර මෙහෙයවා ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ. අම්බලන්ගොඩ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.














