ත්‍රිකුණාමල බෝධිරාජ විහාරස්ථානයේ වෙරළ සංරක්ෂණ නීති උල්ලංඝනය කරමින් බුදුපිළිම වහන්සේ නමක් තැන්පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පිරිස තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ත්‍රිකුණාමල මහේස්ත්‍රාත් අධිකරණය අද (28) නියෝග කළේය. ඒ අනුව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා සිව්නමක් සහ තවත් පුද්ගලයන් හය දෙනෙකු ලබන පෙබරවාරි මස 02 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
වෙරළ සංරක්ෂණ කලාපයක අනවසර ඉදිකිරීම් සිදු කිරීම සහ බුදුපිළිම වහන්සේ නමක් තැන්පත් කිරීම සම්බන්ධයෙන් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව කළ පැමිණිල්ලකට අනුව මෙම නඩුව විභාග වෙයි. මීට පෙර අවස්ථාවකදී ද මොවුන් අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබූ අතර, අද දින ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කරන ලදී.
#TrincoBuddhaStatue #BalangodaKassapaThero #Trincomalee #CourtNews #CoastConservation #ReligiousNews #LKA #BreakingNews














