හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ තිබේ.
පොදු දේපළ පනත යටතේ ගොනුකර ඇති නඩුවකට පෙනී සිටීම සඳහා ඒ මහතා මෙලෙස අධිකරණයට පැමිණි බව වාර්තා වේ.
තමන් ජනාධිපති ධුරය දැරූ කාලසීමාව තුළ සිය බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රධාන උත්සවයකට සහභාගී වීම සඳහා ලන්ඩනය බලා යාමට රජයේ මුදල් අවභාවිත කළ බවට රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව මෙම පැමිණිල්ල ගොනුකර තිබුණි.
මෙම සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා පසුගිය වසරේ අගෝස්තු 22 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අගෝස්තු 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද මීට පෙර නියෝග කර තිබුණි.
පසුව ඔහු සම්බන්ධයෙන් ඉදිරිපත් වූ වෛද්‍ය වාර්තා සලකා බැලූ කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය, රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් මත හිටපු ජනාධිපතිවරයා මුදාහැරීමට නියම කළාය. අද දින ඔහු අධිකරණයට පැමිණියේ එම නඩුවේ ඉදිරි කටයුතු සඳහාය.














