ගාල්ල බන්ධනාගාරය තුළ රැඳවියන් දෙපිරිසක් අතර ඊයේ (27) රාත්‍රියේ ඇති වූ දරුණු ගැටුමකින් තුවාල ලැබූ රැඳවියෙකු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
ගාලු දිසා භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කරන්නේ බන්ධනාගාරයේ රඳවා සිටින “කරන්දෙණිය සුද්දා” සහ “සමන් කොල්ලා” යන පාතාල කල්ලි සාමාජිකයන්ගේ හිතවාදීන් අතර මෙම ගැටුම හටගෙන ඇති බවයි.
මෙහිදී තුවාල ලබා ඇත්තේ කරන්දෙණිය සුද්දාගේ පාර්ශවයේ රැඳවියෙකු වන අතර, ඔහු බන්ධනාගාර නිලධාරීන්ගේ දැඩි ආරක්ෂාව යටතේ රෝහල් ගත කර ප්‍රතිකාර ලබමින් සිටියි.
බන්ධනාගාරය තුළ ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.














