ඉන්දියාවේ ව්‍යාප්ත වන මාරාන්තික නිපා (Nipah) වෛරසය පැතිරීමේ අවදානම හේතුවෙන් තායිලන්ත රජය එරටට පැමිණි ගුවන් මගීන් 1,700 දෙනෙකු විශේෂ වෛද්‍ය පරීක්ෂාවන්ට ලක් කර තිබේ.
ඉන්දියාවේ කොල්කටා නුවර සිට තායිලන්තය බලා පැමිණි මගීන් මෙලෙස පරීක්ෂාවට ලක් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කෙසේ වෙතත්, අදාළ පරීක්ෂණ වාර්තා අනුව මේ දක්වා කිසිදු මගියෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී නොමැති බව තායිලන්ත සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කර ඇත.
නිපා වෛරසයේ පවතින ඉහළ මරණ අනුපාතය සැලකිල්ලට ගනිමින් ආසියානු කලාපයේ රටවල් රැසක් සිය ගුවන් තොටුපළ ආරක්ෂක පියවර දැඩි කිරීමට මේ වන විට පියවර ගෙන තිබේ.














