විෂ මත්ද්‍රව්‍ය භාවිත කරමින් රිය ධාවනය කරන රියැදුරන් අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරීන් දිරිමත් කිරීම සඳහා එක් අත්අඩංගුවට ගැනීමකට රුපියල් 10,000 බැගින් වූ මුදල් ත්‍යාගයක් ලබා දීමට පොලිස්පතිවරයා තීරණය කර තිබේ.
රථවාහන පාලන හා මාර්ග ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා සඳහන් කළේ මෙම නව ත්‍යාග ක්‍රමය එළඹෙන පෙබරවාරි 01 වනදා සිට ක්‍රියාත්මක වන බවයි. හෙරොයින් සහ අයිස් වැනි මත්ද්‍රව්‍ය භාවිත කර රිය පැදවීමේ ප්‍රවණතාව ඉහළ යාම පාලනය කිරීම මෙහි ප්‍රධාන අරමුණ වී තිබේ.
නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් අනාවරණය කළේ මෙම වසරේ ගෙවුණු දින 29 තුළ පමණක් මත්ද්‍රව්‍ය භාවිත කර රිය පැදවූ රියැදුරන් 900කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවයි. එමෙන්ම පසුගිය සතියේ සිදු කළ වැටලීම්වලදී බීමත් රියැදුරන් 6,000කට වැඩි පිරිසක් ද නීතියේ රැහැනට හසුකර ගැනීමට පොලිසිය සමත්ව ඇත.
මෙම අවදානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින් දිවයින පුරා විශේෂ වැටලීම් කණ්ඩායම් අඛණ්ඩව යෙදවීමට පොලිස් මූලස්ථානය උපදෙස් දී තිබේ.














