ලෝකයේ රටවල් 60කට අධික සංඛ්‍යාවක රූ රැජිනියන්ගේ සහභාගීත්වයෙන් අමෙරිකා එක්සත් ජනපදයේදී පැවැති 41 වන ලෝක විවාහක රූ රැජින තරගාවලියේ තෙවන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ සබීනා යූසෆ් (Sabina Yusuf) සමත් වූවාය.
මෙරට වේලාවෙන් අද (30) පෙරවරුවේ නිමාව දුටු මෙම තරගාවලියේ මහා කිරුළ තායිලන්ත රූ රැජින විසින් හිමිකරගත් අතර, සත්කාරක අමෙරිකානු තරගකාරියට දෙවන ස්ථානය හිමිවිය. අවසන් වටයේ ප්‍රබල තරගකාරීත්වයක් මධ්‍යයේ ශ්‍රී ලංකාව ලෝක මට්ටමේ ඇගයීමකට ලක් කිරීමට සබීනා සමත් වීම විශේෂත්වයකි.














