සමාජ මාධ්‍ය ඔස්සේ පුද්ගලයන් මිත්‍ර කරගෙන, ඔවුන්ට මානසික රෝගීන් සඳහා ලබාදෙන ඖෂධ අධි මාත්‍රාවෙන් පානය කිරීමට සලස්වා සිහිමුර්ඡා කර රන් භාණ්ඩ සහ මුදල් මංකොල්ලකෑ 28 හැවිරිදි පුද්ගලයෙකු බොරලැස්ගමුව පොලිසිය විසින් පෙරේදා (28) අත්අඩංගුවට ගනු ලැබීය.
“ටික්ටොක්” (TikTok) හරහා මිත්‍ර වූ පෞද්ගලික බැංකු සහකාරවරයෙකු කොළඹ සාප්පු සංකීර්ණයකදී හමු වී, ඔහුට රහසිගතව මත්පෙති පානය කිරීමට සලස්වා බොරලැස්ගමුව ප්‍රදේශයේ හෝටලයකට රැගෙන ගොස් මෙම කොල්ලය සිදු කර ඇත.
එහිදී බැංකු සහකාරවරයාගේ රන් භාණ්ඩ සහ බැංකු කාඩ්පත් භාවිත කරමින් රුපියල් 258,000ක මුදලක් සැකකරු විසින් සොරකම් කර තිබේ.
පන්නිපිටිය ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී බැංකු කාඩ්පත් මගින් මුදල් ලබාගන්නා යන්ත්‍රයක් (POS Machine), මත්පෙති සහ මුදල් පොලිස් භාරයට ගෙන ඇත. මූලික ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත්තේ මොහු මේ ආකාරයෙන්ම තවත් පෞද්ගලික සමාගම් නිලධාරියෙකු මත්කර කොල්ලකා ඇති බවත්, පුද්ගලයන් දෙදෙනෙකුගෙන් රුපියල් ලක්ෂ 20කට අධික දේපළ සොරකම් කර ඇති බවත්ය.
සොරාගත් රන් භාණ්ඩ පිටකොටුව ප්‍රදේශයේ වෙළෙඳසැල්වලට අලෙවි කර ඇති අතර, බොරලැස්ගමුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමේධ විමලගුණරත්න මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.














