ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට අනුබද්ධ අසාත්මිකතා සහ ප්‍රතිශක්ති විද්‍යා ආයතනයේ (Allergy and Immunology Institute – IAI) නවතම පර්යේෂණ සහ නවෝත්පාදන මධ්‍යස්ථානය වන “IAI Discovery Hub” පසුගියදා විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත විය.
ශ්‍රී ලංකාව තුළ අසාත්මිකතා සම්බන්ධ වෛද්‍ය සත්කාර වැඩිදියුණු කිරීම, ප්‍රතිශක්ති විද්‍යාව පිළිබඳ උසස් පර්යේෂණ මෙහෙයවීම සහ ක්ෂේත්‍රයට අදාළ තාක්ෂණික අධ්‍යාපනය නංවාලීම මෙම මධ්‍යස්ථානයේ මූලික අරමුණයි.
මෙම සුවිශේෂී අවස්ථාවට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර හිමි, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත ආචාර්ය රාජේෂ් සම්භාජිරාඕ පාණ්ඩව් සහ බ්‍රිතාන්‍ය කවුන්සිලයේ දේශීය අධ්‍යක්ෂ ඔර්ලන්ඩෝ එඩ්වර්ඩ්ස් යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගී වූහ.
නවෝත්පාදන අංශයෙන් ඉදිරියට යන ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පර්යේෂණ ක්ෂේත්‍රයට මෙම “Discovery Hub” මධ්‍යස්ථානය සුවිශාල ශක්තියක් වනු ඇති බව මෙහිදී අවධාරණය කෙරුණු අතර, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති කපිල සෙනවිරත්න යන මහත්වරු ද මීට එක්ව සිටියහ.














