සමූපකාර සහ අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ සතොස ආයතනයට අයත් ලොරි රථයක් අවභාවිත කළ බවට එල්ල වූ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු සැකකරුවන් පස් දෙනෙකු යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය අද (30) නියෝග කළේය. මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ මෙම සැකකරුවන් ලබන පෙබරවාරි 13 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස වත්තල මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කර තිබේ. රජයේ දේපළ අයථා ලෙස පරිහරණය කිරීමේ චෝදනාව මත මෙම නඩු කටයුත්ත විභාගයට ගැනේ.














