ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය යටතේ ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැනීමට (VRS) ඉල්ලුම් කළ සේවකයින් දහස් ගණනක් මේ වන විට දැඩි අවිනිශ්චිතතාවයකට සහ මානසික පීඩනයකට පත්ව සිටිති.
මණ්ඩලය විසුරුවා හැරීමේ දිනය පසුගිය වසරේ ඔක්තෝම්බර් 27 සහ මෙම වසරේ ජනවාරි 01 ලෙස අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කළත්, එම දිනයන් දිගින් දිගටම කල් යාම මෙම අර්බුදයට හේතුවී තිබේ.
ලබන පෙබරවාරි 01 වැනිදා වන විට විසුරුවා හැරීමේ කටයුතු අවසන් කිරීමට මීට පෙර අපේක්ෂා කළ ද, ඊට අදාළ ගැසට් නිවේදනය මෙතෙක් නිකුත් නොවීම හේතුවෙන් එම ඉලක්කය ද මඟහැරී යන ලකුණු පෙනෙන්නට ඇති බව සේවකයෝ පෙන්වා දෙති.
විශ්‍රාම ගැන්වීමේ ක්‍රියාවලිය ප්‍රමාද වීම හේතුවෙන් විදේශ රැකියා සඳහා වීසා ලබාගත් පිරිස්වලට එම අවස්ථා අහිමි වෙමින් පවතින අතර, බොහෝ පිරිසක් මූල්‍යමය සහ පදිංචිය පිළිබඳ ගැටලුවලට ද මැදිව සිටිති. නව විදුලි බල පනතට අනුව මණ්ඩලය සමාගම් හතරකට ප්‍රතිව්‍යුහගත කිරීමට නියමිත අතර, අනුප්‍රාප්තික සමාගම්වලට එක් වීමට අකමැති සේවකයින් සඳහා රුපියල් ලක්ෂ 9ක අවමයකට සහ රුපියල් මිලියන 5ක උපරිමයකට යටත්ව වන්දි ගෙවීමට රජය මීට පෙර එකඟ විය. මෙම ක්‍රියාවලිය කඩිනම් කර මණ්ඩලය විසුරුවා හරින නිශ්චිත දිනය ප්‍රකාශයට පත් කරන ලෙස පීඩාවට පත් සේවකයෝ බලශක්ති අමාත්‍යවරයාගෙන් සහ රජයෙන් ඉල්ලා සිටිති.














