විදේශ රටක සිටින ලාංකිකයෙකු විසින් සිය පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ විදේශ රැකියා ලබාදෙන බව පවසා සිදුකරනු ලබන මහා පරිමාණ මිනිස් වෙළෙඳාමක් පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් අනාවරණය කරගෙන තිබේ. “ඩුබායි සුද්දා” ලෙස පෙනී සිටින මෙම පුද්ගලයා වීඩියෝ පළකරමින් සිදුකරන මෙම ජාවාරමට හසුවූ පිරිස්වලින් කාර්යාංශය වෙත මේ වන විටත් පැමිණිලි ලැබෙමින් පවතී.
අමාත්‍ය විජිත හේරත් මහතාගේ උපදෙස් පරිදි මෙවැනි ජාවාරම්කරුවන් මැඩලීම සඳහා කාර්යාංශය තුළ විශේෂ පොලිස් ඒකකයක් ස්ථාපිත කර ඇති අතර, අදාළ සැකකරුට එරෙහිව අවශ්‍ය නීතිමය පියවර ගනිමින් සිටින බව කාර්යාංශය අවධාරණය කරයි.
මෙම ජාවාරම්කරුවන් විසින් ව්‍යාජ රැකියා ගිවිසුම් සහ ව්‍යාජ වීසා ලේඛන පෙන්වා රැකියා අපේක්ෂිතයින්ගේ පෞද්ගලික ගිණුම්වලට මුදල් ලබාගැනීමෙන් පසු සිය දුරකථන සහ සමාජ මාධ්‍ය ගිණුම් අක්‍රිය කර අතුරුදන් වන බව හෙළි වී තිබේ.
1985 අංක 21 දරන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනතට අනුව, වලංගු බලපත්‍රයකින් තොරව විදේශ රැකියා සඳහා බඳවා ගැනීම් ප්‍රචාරය කිරීම හෝ මුදල් එකතු කිරීම දැඩි දඬුවම් ලැබිය හැකි වරදකි. එබැවින් කාර්යාංශයේ අනුමැතිය ලත් නිල රැකියා නියෝජිතායතනවලට මිස වෙනත් අතරමැදියන්ට මුදල් හෝ ගමන් බලපත්‍ර ලබා නොදෙන ලෙසත්, මෙම වංචාවට හසුවූවන් සිටී නම් හැකි ඉක්මනින් කාර්යාංශය වෙත පැමිණිලි කරන ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.














