රුපියල් මිලියන 40කට අධික වටිනාකමකින් යුත් හෙරොයින්, අයිස්, කේරළ ගංජා සහ හෑෂ් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පෙරියනීලවන සහ සමන්තුරේ පොලිසිය අද (01) සමත් විය. කොළඹ සිට කල්මුණේ බලා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් පෙරියනීලවන හන්දියේදී පරීක්ෂාවට ලක් කළ අවස්ථාවේදී එහි ගමන් ගත් 49 හැවිරිදි සැකකරුවෙකු මුලින්ම අත්අඩංගුවට ගත් අතර, ඔහු සන්තකයේ තිබී විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය රැසක් සොයාගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පළමු සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව සමන්තුරේ ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදී දෙවන සැකකරු අත්අඩංගුවට ගත් අතර, ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය, ඩිජිටල් තරාදියක් සහ මුදල් සොයාගෙන ඇත. නැගෙනහිර දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ උපදෙස් මත මෙම වැටලීම සිදු කළ අතර, සැකකරුවන් කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබේ.














