වසර 7ක කාලයක් පාසල්වල ඉගැන්වීම් කටයුතුවල නිරත තමන්ව කඩිනමින් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන ලෙස ඉල්ලා කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ආරම්භ කළ මාරාන්තික උපවාසය අද (01) හත්වැනි දිනටත් ක්‍රියාත්මක විය. උපවාසයේ නිරතව සිටි අවසන් පාසල් සංවර්ධන නිලධාරියාගේ සෞඛ්‍ය තත්ත්වය ද අසාධ්‍ය වීම හේතුවෙන් ඔහු මීට සුළු මොහොතකට පෙර රෝහල්ගත කර ඇති අතර, ඒ අනුව මේ වන විට උපවාසකරුවන් හයදෙනෙකුම රෝහල්ගත කර තිබේ.
තම ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට හෙට (02) දිනට පෙර ජනාධිපතිවරයාගෙන් අවස්ථාවක් ඉල්ලා සිටියද මෙතෙක් ඊට ප්‍රතිචාරයක් ලැබී නොමැති බව ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය පවසයි. බලධාරීන්ගේ මෙම නිහඬ පිළිවෙතට විරෝධය පළ කරමින් හෙට දිනයේදී ජනාධිපති කාර්යාලය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවක් ආරම්භ කරන බව එම සංගමය වැඩිදුරටත් අවධාරණය කළේය.














