විදේශීය උසස් අධ්‍යාපන පාඨමාලා හැදෑරීම සඳහා ගොස් බැඳුම්කර ගිවිසුම් කඩ කළ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් 17 දෙනෙකුගෙන් රුපියල් කෝටි 12කට අධික මුදලක් අය කර ගැනීමට මෙතෙක් අපොහොසත් වී ඇතැයි වාර්තා වේ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නීති රීතිවලට අනුකූලව මෙම හිඟ මුදල් සහ ඒ සඳහා වන පොලිය අය කර ගැනීමට කටයුතු කරන බව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පවසයි. මේ අතර, 2023 වසරේදී නිසි පැමිණීමේ වාර්තා තහවුරු කර නොගෙන රුපියල් කෝටි 95ක වැටුප් සහ දීමනා ගෙවා ඇති බවට ද විමර්ශන වාර්තාවක් මගින් අනාවරණය කර තිබේ. කෙසේ වෙතත්, අධ්‍යයන අංශවල තහවුරු කිරීම මත නිසි පරිදි වැටුප් ගෙවීම් සිදුකරන බවට පාලනාධිකාරිය ප්‍රතිචාර දක්වා ඇත.














