වංචනික ලෙස විදුලිය ලබාගත් පුද්ගලයින් සහ ව්‍යාපාරික ස්ථානවලට එරෙහිව 2025 වසරේදී ක්‍රියාත්මක කළ වැටලීම් මගින් රුපියල් මිලියන 90කට අධික මුදලක් අයකර ගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය සමත්ව තිබේ. විදුලි මීටර් වෙනස් කිරීම් සම්බන්ධ සිදුවීම් 1,259ක් සහ නීති විරෝධී විදුලි රැහැන් ඇදීම් (කොකු ගැසීම්) සම්බන්ධ සිදුවීම් 72ක් ඇතුළුව සමස්ත වැටලීම් මගින් රුපියල් 92,770,061.21ක මුදලක් අයකර ගත් බව විදුලිබල මණ්ඩලයේ විශේෂ විමර්ශන ඒකකය සඳහන් කරයි. මෙම මුදලින් රුපියල් මිලියන 90කට අධික ප්‍රමාණයක් මණ්ඩලයට සිදුවූ අලාභය වෙනුවෙන් වූ වන්දි මුදල් වන අතර ඉතිරිය උසාවි ගාස්තු ලෙස අයකර ගෙන ඇත. විදුලිබල මණ්ඩලයේ විශේෂ විමර්ශන ඒකකයේ කළමනාකරු ඉන්දික ප්‍රනාන්දු මහතා අවධාරණය කරන්නේ ව්‍යාපාරිකයන් සහ වෘත්තිකයන් පවා මෙලෙස වංචනික ලෙස විදුලිය ලබාගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බවත්, මෙවැනි ජාවාරම් පිළිබඳ තොරතුරු 1987 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ දැනුම් දෙන ලෙසත්ය.















