කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් (CSN) රූපවාහිනී නාලිකාව ස්ථාපිත කිරීම, ක්‍රියාත්මක කිරීම සහ බලපත්‍ර ලබාගැනීම සම්බන්ධයෙන් එල්ල වී ඇති මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ විමර්ශනයක් සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා ඊයේ (02) මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවට කැඳවා තිබුණි. ඊයේ පෙරවරු 10:00 ට පමණ එම කොට්ඨාසය වෙත පැමිණි මන්ත්‍රීවරයාගෙන් පැය හතරකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාගෙන ඇති අතර, ඔහු පස්වරු 2:00 ට පමණ එම පරිශ්‍රයෙන් පිටව ගිය බව වාර්තා වේ. මෙම නාලිකාව ආරම්භ කිරීමට යොදවන ලද මුදල් සහ එහි හිමිකාරීත්වය සම්බන්ධයෙන් වන දීර්ඝකාලීන පරීක්ෂණවල තවත් එක් පියවරක් ලෙස මෙම ප්‍රශ්න කිරීම සිදුකර ඇත.















