ජාතික නිදහස් පෙරමුණේ නව දිස්ත්‍රික් නායකයින් හයදෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අද (03) බත්තරමුල්ලේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේදී සිදු විය. පක්ෂ නායක විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයේදී රත්නපුර, බදුල්ල, මොනරාගල, හම්බන්තොට, මාතර සහ මහනුවර යන දිස්ත්‍රික්ක සඳහා නව නායකයින් පත් කරනු ලැබීය. ඒ අනුව මාලක කෝකිල මධුසංක (රත්නපුර), කරුණාතිලක හේරත් (බදුල්ල), ලක්ෂිත මධුවන්ත සමරනායක (මොනරාගල), සඳුන් බණ්ඩාර බෝදරගම (හම්බන්තොට), වෛද්‍ය ප්‍රියරත්න හේවාගමගේ (මාතර) සහ තිලක් බණ්ඩාර මඩුවේ ආරච්චි (මහනුවර) යන මහත්වරුන් සිය පත්වීම් ලිපි ලබා ගත්හ. ඉදිරි දේශපාලන කටයුතු ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම නව පත් කිරීම් සිදු කර ඇති බව පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.














